Sunday, October 20, 2024
Follow Us
" අටපාස් ආමිකාරයාගෙන් පුතුට "
පන්ති එන්නට එපා ගුරුතුමා කිව්වැයි ඇසී
බිම බලාගත්තෙ ඇයි උඹේ වරදක් නැතී
උතුමෙකුයි කිව්වාට දැක්ක තැන වැඳ වැටී
ශිල්ප දුන්නේ නුඹට ගෙව්වමයි හරි හැටී

 

එකම පන්තියෙ උන්නු උතුමාගෙ පුතු වැටී
නිදිකුම්බා කටුවකට සීරිලා ඇඬු හැටී
දුවගෙනම ඇවිත් ඔහු වඩාගෙන ගිය හැටී
කිසිදාක නෑනෙ නුඹෙ නෝක්කඩු මට ඇසී
නියපොත්ත ගැලවෙලා ලේ එද්දි හොඳ හැටී
උඹේ පොඩි දෑතින්ම බැඳගත්තෙ රෙදි පටී
නෑ අඬා වැලපුනේ තාත්තා දැන් එතී
නුඹෙ හිතේ ඒ හයිය පුතේ හොඳටම ඇතී
පුංචි හුළඟට උනත් ලෝගුවක් සෙලවෙතී
ලස්සනයි ඒ ඇඳුම සැහැල්ලුව වැඩි ඇතී
තදකරල ඇන්දාම ටිකක් අපහසු ගතී
පුතේ හැමටම වඩා නිලඇඳුම බර වැඩී
උඹෙ හීනෙ වෙන්න ඇති ලෝගුවක් හැඩ ඇතී
ඒත් පුතුනේ රටට ලෝගු විතරක් මදී
තරඟෙටම විභාගය නොලිව්වට කම් නැතී
අට පාස් වෙයන් උඹ පුතේ හොඳටම ඇතී
~ ශ්යාමා චන්ද්රසේන ~
2022/07/23