Sunday, October 20, 2024
Follow Us
දරුවන් උපතින් ඇට්ටරයින් නොවේ.....

"දරුවන් මල් වගේද?
නෑ...දරුවන් වතුර වගේ....
ඔබ දාන භාජනයේ හැඩය අනුව ඔවුන්ගේ හැඩය වෙනස් වෙනවා....
ඔබ දාන වර්ණක අනුව ඔවුන්ගේ පාට වෙනස් වෙනවා....
ඔබ මුසුකරන දේ අනුව ඔවුගේ ගුණ සුවද වෙනස් වෙනවා...."


•••••••••••••••••••••••••••••••••••••••••••••••
දරුවන් උපතින්ම ඇට්ටරයින් වන්නේ නැත....
ඒ සදහා ඔබේ දායකත්වය ඉහලින්ම ලබා දිය යුතුය...
දරුවන් ඉගෙන ගන්නේ ඔබෙනි...
ඔවුන් ඇසුරු කරන්නේ ඔබය....
කථනය, හැසිරීම, චින්තනය දකින්නේ ඔබෙනි...
ඉතින් දරුවන්ට චෝදනා කිරීමට පෙර ඔබට නිවැරැදිදැයි සිතා බැලීම අනිවාර්යය වේ.....
ඔබට අවශ්‍ය යහපත් දරුවෙකුනම් නිරන්තරයෙන්ම ඔබේ හැසිරීම නිවැරදි විය යුතුය....
ආදරය, කරුණාව, දයාව පතුරවන්නට ඔවුන්ට කියා දිය යුතුය...
වරද වරද ලෙස දැකිය යුතුය....
වරද දුටු තැන එය නිවැරැදි කල යුතුය...
සොරකම, පරුෂ වචනය, නොඉවසීම, කේලාම්, ගුටිබැට ආදියට තදින් විරුද්ධ විය යුතුය....
තවකෙකු දරාගැනීමට, ඇහුම්කන් දීමට පුහුණු කල යුතුය...
ගෞරවය උපයාගත යුත්තක් බවට කියා දිය යුතුය.....
වාසනාවට වඩා කැපවීම තුල ලබීම් ඇතිබවත්,
හදිසියට වඩා ඉවසීම තුල සැනසීම ඇතිබවත් කියාදිය යුතුය.....
පොතපත මෙන්ම පරිසරයද හොදම ගුරුවරයකු බව කියා දිය යුතුය.....
මල් මෙන් සුමටවීමට නොව, ඕනෑම ගල්පර බාදාවන් මතින් සෙමෙන් ගලනා ගගක් හැඩ බව කියාදිය යුතුය....
සමාජයතුල සොරුන්, දාමරිකයන්, කුහකයින්, වංචනිකයින් බිහිවීම නිකන්ම සිදුවන්නේ නැත....
යහපත් දරුවකු බිහිවන්නේ ඔබේ සහ මගේ.. එනම් අපි සියල්ලන්ම එක්ව වගකීම් සහගතව ගන්නා උත්සාහයන්දී පමණි....
දරුවන් යනු ඔබේ ප්‍රතිමූර්තියයි....
එය රැකගැනීම ඔබේ වගකීමයි.....
Yash Dayarathne ❤️