Sunday, October 20, 2024
Follow Us
අපෙ සටන

බැදලා තියෙන්නේ ලේස් එක
සාටකෙන් තදේටම
දෙව්බඔුන්
කොහිද..උන් නෑ අද
දකින්නට


දෙන්නෙ කික් එක
උඩ පැනගෙන
වරද
තෙල් පෝලිමේ
හිටියටද....
දින්නේ එදා වෙල්ලමුනිවයිකාල්
බිව්වේ ජයපැන්
සංතෝසෙට
කෑවා ඕසෙට කිරිබත් හෙම
අද තමයි බෙහෙත්
දාගෙන ආවේ
ගහපු පාරෙ සැරට....
යකඩ සපත්තු දාගෙන
ආවහම ගමේදි පිලිගත්තෙ
උඔලව මහ ඉහළට
අද රැස් දාන්නේ
අමතක නොකරන්
බඩගිනි නිවෙන්නේ උඔලගේ
අසරණ මනුස්සයගේ
බදුවලින් බව....
සෙල්ලම් දාපන් දිගටම
අන්තිම පඩි පත එනකන්
මැෂිමේ අලුත් කොල අවසන්
වෙන දාක...අඩපන් එන්න එපා
අපෙ සටනට....
නදීෂ නිර්මාණ හේරත් ✍️