Sunday, October 20, 2024
Follow Us
#මන් හිතන්නෙ නෑ ,

#මන් හිතන්නෙ නෑ ,
කිසිම ගෑනියෙක් අකමැති ඇති
කියලා,


තමන්ගෙ පිරිමියා ගාව හුරතල්
වෙන්න..
#ඒත් පිරිමි කරන්න අකමැතිම ඒක,
ආදරේ කරන කාලෙ වෙන් කරපු
කාලෙවත්,
බැන්දට පස්සෙ දෙනවද??
#යාලු වෙනකල් කියපු චාටු කතා
සේරෝම බැන්දම ඉවරයි ,
ඒත් ගෑනු එහෙම නෑ,
එයාල මැරෙනකල්ම ආදරේ හොයනවා..
#වැඩ ඇරිලා එනකල් ඉන්නෙ
ලඟට වෙලා දැවටෙන්න ,
දවසෙ විස්තර අහ ගන්න කියවන්න,
චුට්ටක් ඔලුව අතගාගන්න අමාරුකම් කියන්න..
#අනේ ඉතින් එහෙ මෙහෙ අමාරුකම් කියනකොට ,
තමුසෙ මහ සොරෝනිතයක් ලෙඩ වාට්ටුවක් කියන්නෙ නැතුව ,
සිධාලේප ටිකක් ගාන්න පැනඩෝල් පෙත්තක් දෙන්න,
ඩොක්ටර් ගාවට හරි එක්කන් යන්න පුලුවන් නේද ඔයාට ..
#යාලු වෙලා ඉන්න කාලෙ
එලිවෙනකල් ඇහැරිලා ,
එක එක කතා කිය කියා නිදි වරපු
පිරිමියා,
අද ගෙදර එන්නෙ ඇඳ බදාගන්න
බලාගෙන ..
#ඉතින් දවසම ගෙදරට වෙලා
ඒකාකාරී ජීවිතය ගෙවන ගැහැනිය
බලන් ඉන්නෙ එයා එනකල්,
යාලුවෙලා ඉන්න කාලෙ තිබ්බ ආදරේ දැන් නෑ කියලා ගෑනු අඬන්නෙ,
අන්න ඒ නිසා..
#ජීවිතේම බෝතලේ කර ගත්තු
පිරිමියෙක් කසාඳ බඳ ගත්තු
ගෑනියෙක්ට නම් ඉතින් ජීවිතේම
අපායක් තමා,
කතා කරන්නවත් කෙනෙක් නෑ..
#ගෑනුන්ට ආදරේ පෙව්වත් මදි,
උදේට වැඩට යනකොට නළල ඉඹලා පරිස්සමෙන් ඉන්න මැණික ,
බුදුසරණයි කියන්න,
ඒකිට දවසම සතුටු වෙන්න ඒක
ඇති ඉතින් ..
#හවසට ඒකි උඹ එනකල් බලන්
ඉන්නෙ උඹ ෆෝන් එක ඔබන
දිහා බලන් ඉන්න නෙවෙයි බන්,
උඹත් එක්ක කියවන්න උණුහුම් වෙන්න සතුටු වෙන්න,
අඩුම තරමෙ උඹත් එක්ක වොශ්
රූම් එකට හරි දුවන්න..
#කන්කරච්චලේ කියලා ඒකි කියවන ඒවා ගනන් ගන්නෙ නැතුව ,
ෆෝන් එකක් දිහා බලන් ඉන්න පත්තරේ ගිලිලා ඉන්න යාලුවෝ එක්ක වටේ යන පිරිමි ,
පොල්පිත්තෙනුත් කපාගන්න පුලුවන් ඒකිට පාලුවට..
#වෙනස් වෙයන් උඹේ ආදරේ වෙනුවෙන් ,
ගෙදර ආවම තියපන් ඔය ෆෝන් ලඩිය පැත්තකින් ,
ඕකෙන් කරන්නෙ ලඟ තියෙන බැඳීම් ඈත් කරනවා,
ඔය ප්ලාස්ටික් ගොඩකට හැඟීම් දැනීම් නෑ බන් උඹේ ගෑනිට වගේ ..
#අද ඉදන්වත් ගෙදර එනකොට ගෙනෙන් ඒකිට ටොෆියක් හරි,
ආපු ගමන් චුට්ටක් ඒකිව එහෙන්
මෙහෙන් අල්ලලා හුරතල් කරපන්,
දවසේ වෙච්ච දේවල් ඒකිගෙන් අහපන් ,
උබේ දේවලුත් හංගන් නැතුව කියපන්..
#ඉඳ හිටවත් එයාව එලියට එක්ක පලයන්,
ඉඳ හිට රෑට හරි කඩෙනුත් ගෙනත් දීපන්,
හැමදේකම නරක විතරක් නෙවෙයි හොඳත් අගේ කරපන්,
ඒකිගෙ අඩුපාඩු නිදහසේ හොඳින්
පෙන්නලා දීපන්..
#දෙයක් උනාම ඒකිව කන්න හදන්නෙ නැතුව විස්තරේ අහන් ඉඳලා උදව් කරපන්,
රෑට ඒකිව තුරුලු කරන් නිදා ගනින්,
කොච්චර ප්‍රශ්න තිබ්බත් පුලුවන් තරම් නින්දට කලින් විසඳ ගන්න බලපන්,
ඉඳ හිට හෝ වැඩ දාහක් කරන ඒ
ගොරෝසු අත් දෙකම එකට අල්ලන් ඉඹපන්..
#තමන්ගෙ ආදරේ ලෝකෙ ඉස්සරහ පෙන්නන්න ලැජ්ජා වෙන්න එපා,
පාරක යනකොට යාලුවෙලා ඉන්නකොට වගේම අතින් අල්ල ගනින්,
වාහනේකනම් යන්නෙ දොර ඇරපන් ඒකිට නඟින්න,
කට්ටියක් ඉස්සරහ උනත් කරට අත දාන් ඉඳපන්..
#කරලා බලපන් කොල්ලනේ ඔයාලට මඟ ඇරුන ආදරේ
ආයෙත් ඔයාල ලඟටම ගන්න,
ඉඳ හිටවත් වැඩ දාහක් අස්සෙ "ආදරෙයි මැණික " කියලා මැසේජ් එකක් යවපන් ,
කෑවද මොකද කරන්නෙ කියලා අහලා විනාඩියකට කෝල් එකක්
ගනින් ,
ගෑනු කියන්නෙ ආදරේ දි සත්මහල් ප්‍රාසාද හොයන උන් නෙවෙයි ..
#මේ චූටි දේ වලින් පුලුවන් ඔයාට ඔයාගෙ ආදරේ ශක්තිමත් කර
ගන්න,
සල්ලි ඕනම නෑ ඒකිව සතුටු කරන්න,
ඒත් ගෑනුත් දැනගන්න ඕන ගරුත්වය තියන් ජීවත් වෙන්න..
තෙරුවන් සරණයි ?
✍️ #MOආNA. ..??