Monday, October 21, 2024
Follow Us
අඟල අඟල උස යනකොට

අඟල අඟල උස යනකොට
ලඟට ඇවිත් මනිනවා
තව පොඩ්ඩයි අම්ම ලඟට
එන්නට මට කියනවා


තුරුල් කරන් හැම තිස්සෙම
කම්ඹුල් මගෙ සිඹිනවා
මගෙ පන උඹ ලොකු වෙනකොට
ආඩම්බර හිතෙනවා
කරුණාබර හදවතකට
නුඹ හිමිකම් කියනවා
කීකරු කම හැමදාමත්
එක වගේම තියනවා
අම්මාගෙම පෙනුමට නෑ
කිසි වෙනසක් කියනවා
එතකොට නම් ඔය ඇස්වල
සතුට දෝරෙ ගලනවා
වැඩ්යෙන් ආදරෙ මං මගෙ
අම්මාටයි කියනවා
ඒ සෙනෙහස, ආදරයට
සීමා නෑ හිතෙනවා
ශක්තිය මට දවසක නුඹ
හිත සතුටින් පිරිනවා
කරට උසට පුතෙක් ඉතිං
පනට වඩා වටිනවා
යන එන තැන කොහේ ගියත්
මං වටේම එතෙනවා
සෙනෙහස මේ පපු තුරුලේ
උතුරන්නට තියනවා
වස්තුව මගෙ නුඹයි පුතේ
හැමදාමත් වටිනවා
හොඳ මිනිහෙක් වෙයන් දිනක
අම්ම බලන් ඉන්නවා.
අම්මා
Chamila Ushetti