Monday, October 21, 2024
Follow Us
අප්‍රේල් විප්ලවය

අහසට නැගෙනා හිරු පවා
දනී මිනිසුන් උසුලනා
අනේකවිධි දුක්දුක් දෝමනස්
රත්වූ පොලොව
වැස්සක්


අයැදියි තෙතබරිත නැති
පාලකයා රකියි මුනිවත
කිසිවක් නොවුනා සේ...
අවසානයේ පෙරළුමක් මිස
කවරක්ද අපට අවැසි
කොඩියක දමා කුමට
සමරන්නද නිදහස
අපටත් ඔිනා
නිදහස් සමාජයක්
හූරා කරන පාලකයන්ගෙන් තොර
දේශයක්...
හැම කෙනෙකුම පෙළගැසෙමු
දිනාගන්නට එය....
නදීෂ නිර්මාණ හේරත්