Monday, October 21, 2024
Follow Us
දන්නවද කෙල්ලෙ

උඔ දන්නවද කෙල්ලෙ
උඔ කොටට ඇන්දම
ඇඟ පේන්න ඇන්දම
කී දෙනෙක්නම් හිතින් උඔව දූෂණය කරනවද කියලා


සුදු කකුලයි කොට සායයි
හරි අවදානම්
කොට සාය එහෙම නැත්නම්
බඩ මැදින් බටන් අල්ලපු කකුල් ඇලෙන ඩෙනිම
අත් කාටට ඇදලා
උඩට බූලයකුත් දාගෙන කොණ්ඩේ බැන්දම
ඔව් බං උඔ එහෙම හරි ලස්සනයි තමයි
ඒත්,
ඒ ලස්සන බල බල දන්නවද හිතින් උඔව කීදෙනෙක් දූෂණය
කරනවද කියලා,
එහෙම ඇන්දට උඔ හරි අහිංසක එකියක් වෙන්න ඇති
උ⁣⁣⁣⁣බේ ආසාවට උඔ එහෙම අදිනවා ඇති
ඒත් බං උ⁣⁣⁣⁣බේ ඇඟ⁣ ලොකයක් ඉස්සරහ එළියේ දාගෙන යනකොට
උඔ කොච්චර අහිංසක හොඳ එකියක් උනත්
මිනිස්සු දෙපාරක් හිතන්නෑ ඒකිට බඩුවක් කියලා කියන්න
මිනිස්සු හරි දරැණුයි බං
මිනිස්සු එහෙමයි
උන්ගෙ කටවල් වහන්න බෑ අපිට
ඒති උඔ සංවර උනොත් කාටවත් බෑ උඔට කතා හදන්න
ඇයි හංගන් තියෙන දේවල් එළියෙ දාන් ඉන්නේ
මොනා ලැබෙන්නද
ඒක තමන්ට හරි අපහසුයි වගේ දැනෙන්නැද්ද
ඇත්තටම තැනක ඉඳගන්න බෑ
හිර කරන් ඉන්නකොට ඒක මාරම වදයක්නේ
ඇයි ඉතිං එහෙම වද විදින්නේ..
උඔට අනිත් උන් ආකර්ෂණය කර ගන්නද ඕනි
ආකර්ෂණය කරන් හැම එකා එක්කම හුරතල් වෙන්නද ඕනි
හුරතල් වෙයන් එකෙක් ගාව
ඒක හරි Romantic
කෙල්ලෙක් කියන්නේ හැම එකා අතේම සේල් වෙන්න ඔන
බඩුවක් නෙවෙයි
බඩු වෙනයි කෙල්ලො වෙනයි
තේරැම් ගනිං
හැදියාවක් ඇතිව ජීවත් වෙන්න
ඇයි උඔට බැරි කෙල්ලෙක් විදිහට ඉන්න
සංවරව අදින්න
විනීතව හැසිරෙන්න
උඔ කොල්ලො ආකර්ෂණය කරගන්න හිතාන බාගෙට අඳිනවනම්
උන්ට උඔව ආතල් එකක් විතරයි බං
උඔ එහෙම පාරේ යනකොට කීදෙනෙක් උඔට හිනා වෙනවද
කතා කියනවද
හිතින් දූෂණය කරනවද
කොල්ලො කැමති චාම් කෙල්ලන්ට බං
ඒකයි ඇත්ත
සමාජය කෙල්ලෙක් දිහා බලන්නේ හරි අමුතු විදිහට
වෙනස්ම කෝණයකින්
ජීවිතේ වරද්ද ගන්න එපා බං
ගැහැණුකම රැකගනින්
නැත්නම් වැරැද්ද එන්නේ උඔටත් වඩා උ⁣⁣බේ අම්මා තාත්තට
හිතපන්
රවට්ටලා සැප ගන්න උන්
මහ ගොඩක් හිටියට
සනසලා සිප ගන්න උන් ඉන්නේ බොහොම ටික දෙනයි බං
උබලා අහන අහන එකට හා කියලා
ඌ එක්ක රවුම් ගහලා
කරන්න ඕන සේරම කරලා පොටෝ ගහලා වීඩියො කරලා
තියාගත්තට
ඌ උඔව අනාත කරලා චාම් එකියක් බැදගත්ත දාට තේරෙයි
ඒත් එතකොට පෙරහැර ගිහින් තියෙයි බං
මතක තියා ගනිං උඔ ඔය නැති කර ගන්නේ උබේ අනාගතේ
වගේම
උබේ චරිතය
මමත් මෙහෙම හෑලි ලියලා මේකේ පො⁣රක් වෙන්න ඔනි නෑ මට
ඒත් එකියක් හරි හැදෙයි හරි පාරට වැටෙයි කියලයි ලිව්වේ
ගොඩ දාගනින් උ⁣⁣⁣⁣බේ ජීවිතේ
අකාලේ නාස්ති කර ගන්න එපා.
හැම ගැහැණියක් ගාවම තියෙනවා අමුතු ලස්සනක්
බාගෙට ඇදන් ඔප කලාට වැඩක් නෑ
උප්පත්තියෙන් ගේන ලස්සන ඔය හැමදේටම යටයි බං
දරා ගැනීම පොදි බැදන් වැටි වැටී හරි නැගිටින්න
ලැබීම් නොලැබීම් එක සේ දරා ගන්න
අඩ අඩා හරි ජීවිතේ දිනන්න
දවසක ගෞරවනීය ලෙස මාතෘත්වය ලබන්න
ලඳ බොලඳ ගති එක්කම දරඳඩූ හිතක් ඇතිව
කටු ගොඩක උවත් නිදාගෙන
මල් මිටක් බිහි කරන්න හැකි
සරල චාම් එකියක් වියන් පොළවේ පය ගහලා ඉන්න
එදාට ජීවිතේ දිනනවා සත්තයි කෙල්ලේ.... ??