Monday, October 21, 2024
Follow Us
විරුවෙක්ගෙ බිරිඳක් ද ?

ඉන්නට වෙනවමයි ආදරෙන්
මඟ බලාගෙන❤❤❤
නුඹේ කටහඬ, ඇමතුමෙන්
ඇහෙද්දී


පැටියට හිනාවක් එයි මදෙස
බලද්දී
කෑවද පුතේ කියා, නුඹ
අහද්දී
සත්තයි ඇඬෙනවා කඳුලක්
උනද්දී ❤
ළඟ නැති වුනත්
හැමදාම තුරුල් වී
උණුහුම දැනෙනවා
හිටියත් දුරට වී
ඇමතුමක් එනකල්
ඉන්නවා පේවී
ආයේමත් එන දිනය
ගනිනවා ‍රෑ වී?
ලස්සනයි ඒ ඇඳුම
ඇත්තමයි බලද්දී ?
ඒත් නුඹ විඳින දුක්
මැවෙනවා සිතද්දී ?
තුවක්කුව තියාගෙන
දුර ඈත බලද්දී
වෙහෙසකර දෙනෙත් මට
මැවෙනවා අඬද්දී .......?
එද්දී අපෙ පැටවුන්ට ගොඩක් දෑ අරගෙන
මහ මඟට දුවනවා තාත්තේ කියාගෙන
පිටේ ඇති තඩි බෑග්එක හොඳට ඇරගෙන
එකින් එක අදින හැටි නුඹ ඉඳී බලාගෙන
විරුවෙක්ගේ බිරිඳක් වුනොතීන්
දිනයක
වැටහේවී කොතරම් ඉන්නව ද
බලාගෙන
ඉවසීම කැපවීම සෙනෙහස
තියාගෙන
ඉන්නට වෙනවමයි ආදරෙන්
මඟ බලාගෙන❤❤❤
චන්දිමා පොතුපිටිය ❤✍️