Monday, October 21, 2024
Follow Us
ලබන භවේ ලැබුමට මම,  පින් කරනවා අනේ

ලබන භවේ ලැබුමට මම,
පින් කරනවා අනේ".....
හැමෝටම හැමදේම නෑ නේද
ලැබෙන්නේ


හැමදේම ලැබුණත් අඩුවකුයි
දැනෙන්නේ
ඒකනම් පවක් කියලමයි
හිතෙන්නේ
අයියෙක් ඕනමයි ඒත් නැහැ
ලැබුණේ
"නංගියෙක්ට අයියෙක් ඕනමද
නැහැනේ"
කවුරුවත් ඇහුවොත් කියනවා
දුක මගේ
අයියෙක්ගේ අඩුව මම පෙන්නලා
දෙන්නේ
නංගියෙක්ට අයියෙක් ඕනමයි
හිතෙන්නේ
තාත්තට විතරයි ඔහු දෙවෙනි
වෙන්නේ
නැති අය විතරමයි ඒ අඩුව
දන්නේ
හිටියනම් පස්සෙන් එල්ලිලා
යන්නේ
රැවුලත් කපන හැටි මම කියා
දෙන්නේ ??
හිටියනම් මගේ වැරදි හොය හොයාම
යාවී
මල වදයක් වෙවී මටත් රණ්ඩු වලට
ඒවී
හරි වැරැද්ද පෙන්නාලා මට දඬුවම්
දේවී
චාටු දාලා තවත් විටෙක කෝලම් හෙම
පාවී?
අයියෙක් නැති අඩුව ඉතින්, දැනෙනවා
මේ භවේ
ලැබුමට පින් කළ අය නම්, දකිනවා
මඟ තොටේ
ඉරිසියාව හිත පත්ලෙන්, මෝදු වෙනවා
දැනේ
ලබන භවේ ලැබුමට මම, පින් කරනවා
අනේ..........❤
චන්දි ❤ ✍️