Monday, October 21, 2024
Follow Us
"මා ගැබ් ගෙන සිටින්නෙමි."

"මා ගැබ් ගෙන සිටින්නෙමි."
ඇය ඇයගේ ස්වාමියාට කීවා ය.


සිනාසී ඇය සිපගත් ඔහු,
"සොඳුර..ඔබ වැරදී-
එය අප ගැබ්ගෙන සිටින්නෙමු
විය යුතුයි.
ඔබේ ගැබ අඩකින් මාගේය.
ගැබ්බර නොදැරුවද,
ඒ බර ඔබ දරන්නේ තනියෙන්ද නොවේ.
ඒ බර මටද දැනෙන්නේය.
ඔබ තනිව නොවේ.
ඔබ දරුවා දරා සිටී.
මා දරුවා සමග ඔබ දරා සිටින්නෙමි.
හදවතින්ම සහ දෑතින්ම.
ඒ නිසා අප ගැබ්බර වන්නෙමු-ය.
නිරවද්‍ය එය ය."
ඇය සිනාසුණා ය.
ඇගේ දෑසේ කඳුළු විය.
"මේ ශෝකය නොවේ., සතුටය.
ඔබ වැනි සැමියෙකු මා හිමියා ය"
ඔහු කීය..,වැඩිදුරටත්..
"කිරි බරෙන් කළු තලාව ගිය,
ඔබ පියවුරු_ මාද දරන්නෙමි.
මගේ ළය ඒ ඔබ වෙනුවෙන් බරව ඇත.
නොගැලුවද කිරි බවට හැරවී,
ලේ උණුසුම් ය.
ඔබේ දරු බර දැරීමට...
දරු බරදරන ඔබ දැරීමට,
ඒ නිසා..ඔබ නොවේ
අප ගැබ්බර ය."
ඇය සිනාසුණාය.
ඇගේ දෑසේ කඳුළු විය.
"මේ සතුට නොවේ..,
ශෝකය ය.
ලොව සියලු ළඳුනට
ඔබ වැනි හිමියකු නොසිටීම ගැන"
(Alaol-Ali Abbas Husaini නම් බෙංගාලී කවියාගේ කවි සංකල්පනාවකින්
උපුටා ගත් කොටසකි)
Sanduni Aththanayake