Monday, October 21, 2024
Follow Us
කසාවතට හරි යන්න.....

රැස් කකා හිටියේ
නෑ පසු කලෙක
පුස් කකා ගියේ්
ප්‍රේමයේ නිමිත්ත
වස් වැදී නොවෙි
අසංවර නුඔ හිතම
දවසක කියාවි
සැනසුව බව මම
ඔය මුළු හිතම.....

මග දිගේ ගිහින්
පිටස්තර උන්ගෙ
බස් අසන
ළඟ තිබෙනා දේ
අගේ නැත අපට
කිසිකලෙක
සඳ දිහා බලලත්
මොකටද අමාවක
දවස
හිත වෙනතක නම්
අය හදන්නටවත්
ඉඩක් මට කොහිද.......

පළු පැලෙන්න බැන බැන
රිදවන්නෙ හදවත
පපුව රිදිල
නැවතුනොත් ඇති මෙමට
සසර කෙලවර බව නම් දැන දැන
හිතෙනව මට මෙි සොවින්
කසාවතට හරි යන්න.....
නදීෂ නිර්මාණ හේරත්