Saturday, October 19, 2024
Follow Us
පිරිමි ඇත්තටම කැමති ටාගට් එකක් තියෙන ගැහැණුන්ට?

හුරතලේට හැදිච්ච ටිපිටිප් පෙරේත
අම්මගෙ චූටි දුවෙක්ට වඩා
පිරිමි ආසයි,
පොළවෙ පය ගහලා සමාජෙ එක්ක
හැප්පෙන හිත හයිය ගැහැණුන්ට?


කොයිවෙලෙත් අනේ හුනේ ගාගෙන
සමාජයක් ඉස්සරහා නැලවෙන උන්ට වඩා
පිරිමි ආසයි,
පිරිමියෙක්ගෙ ඉලක්කෙකට යන්න
පිටිපස්සෙන් ඉදන් හයියක් වෙන එකියක්ට?

ගෙදරට වෙලා ඉන්න පවුඩර්
පොෂ් කියාගත්ත බේබියෙක්ට වඩා
පිරිමි ආසයි,
ජීවිතේට අරමුණක් තියෙන
තනියම නැගිටින්න හදන එකියක්ට?
හුරතලේට හැදුන අම්මගෙ චූටි

දෝණිලා හුරතල් කරන කොයි අයියත්
අවසානෙට හොයන්නෙ එහෙම එකියක්ව
ජීවිතේ ඉස්සරහට අත් අල්ලන් යන්න?

ඉතිම් හීන අරමුණු ඉලක්ක තියෙන ඕනි දේකට ඔට්ටු ශක්තිමත් කෙල්ලෙක් වෙයන්...
ජිවිතේ ලස්සනම හීන වලට යන්න උබේ එකාට හයියක් වෙයන් අම්මෙක් වගේ...
එහෙම කෙල්ලො දිහා බලලා හිනා වෙන්න එපා උන්ට දවසක අනිවාරෙන් හරියනවා♥️

(Facebook)