Saturday, October 19, 2024
Follow Us
මැණික මතකද  ඇහුවා උබ දවසක් ?

මගෙ නපුරෝ ඇයි මෙච්චර හයියෙන් මාව බදාගන්නෙ ?


හුස්මත් හිරවෙනවා පිස්සො ?
ඇයි ඔච්චර උඩට උස්ම අදින්නෙ ? ?
උබ ඒ ප්‍රශ්නෙ ඇහුවේ මගේ අත් දෙක මැද්දෙ හිරවෙලා.
උඹේ ජීවන සුවඳ මගේ පපුව පිරෙන්න පුරවද්දි .
මැණික උඹ හිරවුන තරමටම උඹේ උස්ම හිරවෙන තරමටම මම මගේ මැණිකට කෑදරයි . උඹව තුරුල් කරගන්න හැම මොහොතකම මට දැනෙන්නෙ ආයෙ උබව මට තුරුල් කරගන්න නොලැබෙයි කියලා. ඉතින් මගෙ මැණිකව අහිමි වෙන ලෝභකමේ වියරුවත්, බයත් එක්ක මම උඹේ තුරුලෙන් මිදෙන්නෙ කොහොමද? පපුව පිරෙන්න ගන්න උඹේ සුවඳ චුට්ටක්වත් අඩු කරන්නෙ කොහොමද ? ?
මැණික අද උඹව බදා ගන්න බැරි තැන මම බිම ඉදගෙන, ?
උඹ ඇයි ඉතින් හුස්ම හිරකරගෙන ?
ජීවා...

(Facebook)