Saturday, October 19, 2024
Follow Us
පස්වන වේදිකාවට දැන් පැමිණි දුම්රිය ........

පස්වන වේදිකාවට දැන් පැමිණි දුම්රිය ........


එම දුම්රිය නවත්වන්නේ .........
---------
සිනිදු අත්ලක - ගෙලක පැත්තක
අඳුර අඳිනා අහඹු චිත්‍රෙක ....
යාළු කන්දක - පාළු නිම්නෙක
සුමුදු හැරවුම් මද්‍ය ලක්ෂෙක ........
කොට්න් වියමන් - පිපුන සුසුමන්
නම නොදන්නා කාල මිනුමන් ...
නුහුරු හමුවන් - නිහඬ යෙදුමන්
රතුපාට එලි නොමැති ටවුමන් ....
නොදත් බසකින් හඬයි සිල්පර
මීන නෙතකින් බිඳියි සිල්පද .........
--------
සහන්

sahan