Saturday, October 19, 2024
Follow Us
සංවර්ධන නිලධාරීන්ට දැනුම්දීමක්

සංවර්ධන නිලධාරී සේවයේ II සහ 111 ශ්‍රේණිවල කඩඉම් විභාග ලබන ජුනි 30 වැනිදා පැවැත්වෙන බව ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ඒ සඳහා අයදුම්කරුවන් 52,756ක් අයදුම්කර තිබෙන අතර දිවයින පුරා මධ්‍යස්ථාන 353කදී විභාගය පැවැත්වෙයි.

විභාග ප්‍රවේශපත් අයදුම්කරුවන් සඳහා ඊමේල් ඔස්සේ යවා ඇති බවත් එසේ නොලැබුණු අපේක්ෂකයින් සිය ප්‍රවේශපත www.slida.lk වෙබ් අඩවියෙන් බාගත හැකි බවත් අදාළ නිවේදනයෙහි දැක්වෙයි.

විභාග ප්‍රවේශ පත්‍රයේ සඳහන් විෂයයන් සංශෝධනය කර ගැනීමට අපේක්ෂා කරන අයදුම්කරුවන්, ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ වෙබ් අඩවිය හා නිල ෆේස් බුක් පිටුව හරහා ලබා දෙන උපදෙස් සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙස එම ආයතනය අයදුම්කරුවන්ගෙන් ඉල්ලා සිටි.