Saturday, October 19, 2024
Follow Us
සමෘද්ධි බැංකු රජයේ විගණනයට

සමෘද්ධි ප්‍රජා මූල බැංකු හා සමෘද්ධි ප්‍රජා මූල බැංකු සමිති රජයේ විගණනයට යටත් කිරීම සඳහා පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

ශුද්‍ර මූල්‍ය කටයුතු ප්‍රවර්ධනය කිරීම සඳහා සමෘද්ධි ප්‍රජා මූල බැංකු 1082ක් සහ සමෘද්ධි ප්‍රජා මූල බැංකු සමිති 335ක් රට පුරා ක්‍රියාත්මක වේ.

සමෘද්ධි පනතේ විධිවිධාන පරිදි එම ප්‍රජා මූල බැංකු සහ බැංකු සමිති වාර්ෂිකව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර විගණන අංශය මගින් විගණනය කරනු ලබන අතර ජාතික විගණන කාර්යාලයේ විගණනයට ලක්විය යුතු බවට වන විධිවිධාන සමෘද්ධි පනතේ ඇතුලත්ව නොමැති නිසා රජය මෙම තීරණය ගෙන තිබේ.

මෙම ආයතන රජයේ විගණන කාර්යාලය විසින්ද විගණනය කිරීම මගින් ඒවායේ කාර්යයන් විනිවිද භාවයෙන් පවත්වා ගැනීමට සහ ජනතාවගේ විශ්වාසය හා පිළිගැනීම වර්ධනය කිරීමට හැකිවනු ඇති බව හඳුනාගෙන ඇත.

ඒ සඳහා විධිවිධාන පනවමින් සමෘද්ධි පනත සංශෝධනය කිරීමටත් ඒ සඳහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීමටත් කාන්තා ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍ය ලෙස ජනාධිපතිවරයා මෙම ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.