Saturday, October 19, 2024
Follow Us
ජගත් පරිසර දිනයට සමගාමීව වැඩසටහන් රැසක්

ජගත් පරිසර දිනය ජුනි මස 05 වනදාට යෙදී තිබේ. ශ්‍රී ලංකාව මෙවර ජගත් පරිසර දිනය ‘’ එලදායි භූමි පරිහරණයෙන් සුවදායි දෙරණක් ’’යන තේමාව යටතේ සැමරීමට කටයුතු යොදා තිබේ.  ජගත් පරිසර දින ජාතික සැමරුමට සමගාමීව ජාතික පරිසර සතිය 2024 මැයි 30 සිට ජූනි 05 දක්වා ප්‍රකාශයට පත් කර ඇති අතර එම සතිය තුළ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට පරිසර අමාත්‍යාංශය කටයුතු කර තිබේ. පරිසර අමාත්‍යාංශය හා ඊට අනුබද්ධ ආයතන මගින් මෙම වැඩසටහන් ක්‍රියාත්මක කෙරේ.

ඒ අනුව මැයි 30 වනදා සිට ජුනි මස 05 වනදා දක්වා පිළිවෙළින් තිරසර ඉඩම් කළමනාකරණ දිනය,  වායු දූෂණය හා එහි අහිතකර බලපෑම් අවම කිරීමේ දිනය, ජලය හා ජල මූලාශ්‍ර සංරක්ෂණ දිනය ,ජෛව විවිධත්වය සංරක්ෂණ දිනය, පරිසර පවිත්‍ර කිරීමේ දිනය, ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණ දිනය, රුක් රෝපණය  හා ජගත් පරිසර දින ජාතික සැමරුම දිනයන් නම් කර තිබේ.  

මෙයට සමගාමීව ජාතික පරිසර සතිය තුළ රාජ්‍ය ආයතන , පාසල්,  පෞද්ගලික අංශය, වැවිලි සමාගම් හා වතු ක්ෂේත්‍රය, රාජ්‍ය නොවන සංවිධාන හා  සිවිල් සංවිධානවල මූලිකත්වයෙන් ප්‍රජාවගේ සහභාගිත්වයෙන් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරනු ඇත.

ජගත් පරිසර දිනය යෙදෙන ජුනි මස 05 ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික සැමරුම් උළෙල කලවාන කුඩව සිංහරාජ පිවිසුම අසල පැවැත්වීමට නියමිතය.