රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර සහ පැල්මඩුල්ල පොලිස් බල ප්‍රදේශවල ඇඳීරි නිතිය අද (09) වැනිදා ඉවත් නොකෙරෙන බව රත්නපුර මූලස්ථාන පොලිස් පරීක්ෂක රෝහාන් ඔලුගල මහතා පැවසීය.
ඒ අනුව රත්නපුර හා පැල්මඩුල්ල පොලිස් බල ප්‍රදේශ හරහා ගමනාගමනය සම්පූර්ණයෙන්ම තහනම් කරන බව ද පොලිස් සඳහන් කළේය.
අද උදැසන 6.00 ට රත්නපුර දිස්ත්‍රික්කයේ ඇඳීරි නීතිය ඉවත් කිරිමට නියමිතව තිබූණි.
රත්නපුර මුද්දුව මැණික් ව්‍යාපාරිකයාගේ පවුලේ දෙදෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වීම නිසා රත්නපුර සහ පැල්මඩුල්ල පොලිස් බල ප්‍රදේශ තුළ තවදුරටත් ඇඳීරි නිතිය ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බව පොලිසිය සඳහන් කළේය.
රත්නපුර මුද්දුව ප්‍රදේශයේ පවුල් 60 ක් නිරෝධානයට ලක්කිරීම සඳහා නිරෝධායන මධ්‍යස්ථානයකට යැවීමටද සෞඛ්‍ය අංශ සහ ආරක්ෂක අංශ කටයුතු කර ඇති බව රත්නපුර මූලස්ථාන පොලිස් පරීක්ෂක රෝහාන් ඔලුගල මහතා පැවසීය.
(Lanka Leads)