Wednesday, October 30, 2024
Follow Us
නිරෝධායනය අවසන් අයටත් කොරෝනා පරික්ෂාව කිරීමට තීන්දු කරයි

නිරෝධායන කරමින් සිටින තැනැත්තන් එම කටයුතු අවසන් කර නිවෙස් කරා යොමු කිරීමට පෙර කොරෝනා වෛරසය ආසාදිතයෙක්ද නැද්ද යන්න පිළිබඳ පරික්ෂාව සිදුකිරීමට තීරණය කළ බව විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පවසයි.

ඊයේ (06) දින රැස් වූ කොවිඩ් 19 පැතිරීම වැළැක්වීම සඳහා වන කාර්ය සාධන බලකාය විසින් එම තීරණය ගෙන තිබේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ හා යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් එම රැස්වීම පවත්වා ඇත.

ඒ අනුව නිරෝධායන කටයුතු අවසන් වන තැනැත්තන් මුදා හැරීමට පෙර වෛරසය ආසාදනය වී ඇත්ද නැද්ද යන්න පරීක්ෂාව සිදුකරන අතර වෛරසය ආසාදනය වී තිබුණොත් ඔවුන් නිදහස් නොකර තවදුරටත් නිරෝධයනයේ ගනිමින් ප්‍රතිකාර සඳහා යොමු කරන බවයි විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා සඳහන් කරයි.

මීට මොහොතකට පෙර රූපවාහිනී සජීවී වැඩසටහනකට සම්බන්ධ වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

(LNW)