වසංගත රෝග විද්‍යා අංශය ඊයේ(03 ) දිනයට අදාලව අද දිනයේ(4 ) උදෑසන 10:00ට නිකුත් කළ වාර්තාවට අනුව අප්‍රේල් 03 වනදා ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ COVID-19 වෛරසය ආසාදිතයින් 08 දෙනෙකි. මෙය ආසාදිතයින් පස්නෙකුගේ වැඩිවීමකි. මේ වනවිට ආසාදිතයන් පස් දෙනෙකු ශ්‍රී ලංකාව තුළ මිය ගොස් ඇත.
අප්‍රේල් 03 වනදා වන විට සමස්ත ශ්‍රී ලංකාව තුළ COVID-19 වෛරසය ආසාදිතයින් 159 දෙනෙකු වාර්තා වී ඇත. දැනට වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වූ කොළඹ දිස්ත්‍රික්කය තුළ ආසාදිතයින් 36 දෙනෙකු වාර්තා වී තිබේ. දෙවෙනි වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වන්නේ පුත්තලම දිස්ත්‍රික්කයෙනි. සංඛ්‍යාත්මකව එම අගය 26කි.
කළුතර සහ ගම්පහ දිස්ත්‍රික්ක වලින් 25 සහ 11 බැගින් ආසාදිතයින් වාර්තා වී තිබේ. මහනුවර දිස්ත්‍රික්කය තුළ ආසාදිතයින් 4ක් සහ යාපනය දිස්ත්‍රික්කය තුළ ආසාදිතයින් 7 දෙනෙකු වාර්තා වී ඇති අතර රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 3ක් සහ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 2ක් වාර්තා වී ඇත. ගාල්ල,මාතර,කෑගල්ල, මඩකලපුව සහ බදුල්ල යන දිස්ත්‍රික්ක වලින් එක් ආසාදිතයෙකු බැගින් හමුවී තිබේ.
රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ මෙන්ම වසංගත රෝග නිවාරන විශේෂඥයන්ගේ ද මතය වූ ඉදිරි දින කිහිපය තුළ ආසාදිතයින්ගේ සංඛ්‍යාව තවත් ඉහළ යනු ඇතැයි යන්න සාක්ෂාත් වෙමින් පවතින බව ස්වාධීන නිරීක්ෂකයන්ගේ මතයයි.
ඒ අනුව ජාතික සංවිධාන එකමුතුව, විද්වත් භික්ෂූන් වහන්සේලා මෙන්ම හිටපු අග්‍රාමාත්‍යය රනිල් වික්‍රමසිංහ මහතා සහ රජයේ වෛද්‍යය නිළධාරීන්ගේ සංගමයද පවසා සිටින COVID-19 වෛරසය මර්ධනයට මෙතෙක් අණුගමනය කළ ආරක්ෂණවාදී වැඩ පිළිවෙලේ සිට ප්‍රහාරාත්මක වැඩ පිළිවෙලකට සීරු මාරු විය යුතුය යන්න ක්‍රියාත්මක කළයුතු මට්ටමටම පැමිණ තිබෙන බව ඔවුහු අවධාරණය කරති.
ඊයේ වන විට ලෝකයේ රටවල් 205කින් වෛරසය ආසාදනය වූවන් 972303 දෙනෙකු හමුවී ඇති අතර ලෝකය පුරා මරණ 50322ක් වාර්තා වී තිබේ. වැඩිම ආසාදිතයන් ප්‍රමාණයක් ඊයේ දිනය තුළ වාර්තා වූ රට ලෙස ලෝක සෞඛ්‍යය සංවිධානයේ වාර්තා වලට එක් වන්නේ අමෙරිකා එක්සත් ජනපදය වන අතර එම අගය 26298කි.
(Lanka Leads)