විශ්‍රාමිකයින්ට අවශ්‍ය ඖෂධ මිලදී ගැනීම සඳහා අද (02), හෙට (03) සහ ලබන 06 වනදා සියලු ඖෂධ වෙළඳසැල් විවෘත කිරීමට බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කාර්ය සාධක බලකාය තීරණය කර තිබේ.
අද සහ හෙට යන දෙදින තුළ විශ්‍රාමික රජයේ සේවකයින්ගේ විශ්‍රාම වැටුප් ලබාදීමට නියමිත අතර ඊට සමගාමීව ඔවුන්ට අවශ්‍ය ඖෂධ ද මිලදී ගැනීම සඳහා මෙම අවස්ථාව ලබාදී ඇත.
මෙහිදී ඔවුන්ගේ විශ්‍රාමික හැඳුනුම්පත ඇඳිරිනීති බලපත්‍රයක් වශයෙන් භාවිතා කිරීමට හැකි බවයි පොලිසිය පවසන්නේ.
(LNW)