ශ්‍රී ලංකාව මේ වන විට කොවිඩ් 19 ව්‍යාප්තියේ 3A අවදියට පිවිස තිබේ. එහි හතරවැනි අවදිය වන්නේ ගම්මානයකින් රෝගීන් කිහිප දෙනකු වාර්තා වීමයි.
ශ්‍රී ලංකාවෙන් පළමු කොවිඩ් 19 ආසාදිතයා හමුවී අදට මාස දෙකකුත් දින හතරක් වෙයි. එම කාලය තුළ රෝගීන් දිවයිනේ විවිධ ප්‍ර දේශවලින් වාර්තා වූ අතර පුද්ගලයින් දෙදෙනකු ද එම රෝගයෙන් මිය ගියේය.
වෛද්‍යවරුන් පවසන්නේ, ශ්‍රී ලංකාව මේ වන විට කොවිඩ් 19 ව්‍යාප්තියේ 3A අවදියේ සිටින බවයි. 3A යනු එකම නිවසකින් රෝගීන් කිහිපදෙනකු වාර්තා වීමයි.
ගම්මානයකින් රෝගීන් කිහිපදෙනකු වාර්තාවීම 3B ලෙස හැඳින් වෙයි.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් යොමු කරන ලද මාධ්‍ය නිවේදනයකට අනුව වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසා ඇත්තේ, නිවාසිතව ආසාදිතයින් පොකුරු වශයෙන් මෙම අවදිය දැකි බවත් මෙයට ප්‍රතිචාර නොදැක්වුවහොත් ඉදිරිය කණගාටුදායක විය හැකි බවයි.
වෛද්‍යවරයා පවසන්නේ, සිව්වැනි අදියර ඉතාමත්ම භයානක තත්ත්වයක් බවයි.
(Lanka Leads)