Wednesday, October 30, 2024
Follow Us
රෝග ලක්ෂණ නැති පිරිසක් පරික්ෂා කරද්දී 10කට කොරෝනා

විදේශ සංචාරයක් නිමකර පුත්තලමට පැමිණි පිරිසක් අතර සිටි අයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වූ බැව් හෙළි වූ පසු බුද්ධි අංශ තොරතුරු මත පුත්තලමේ එම ප්‍රදේශයේ පුද්ගලයින් පිරිසක් හදිසි පරීක්ෂණයකට ලක් කිරීමේදී එහි සිටි නව දෙනෙකුට වෛරසය ආසාදනය වූ බැව් තහවුරු වූ බව යුදහමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

හමුදා බුද්ධි අංශ තොරතුරු මත රෝග ලක්ෂණ මතුවීමට පෙරාතුව නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කළ අසූඅට දෙනෙකු සම්බන්ධයෙන් කළ පරීක්ෂණ වලින් මෙම නව දෙනා හඳුනා ගැනීම අතිවිශේෂ අවස්ථාවක් යැයි ද හමුදාපතිවරයා කීය.

පුත්තලමේ සිට ඉන්දුනීසියාවේ සහ තායිලන්තයේ සංචාරය කර යළි මෙරටට පැමිණි කණ්ඩායමේ හතරක සිටි එක් අයෙකුට මුලින්ම කොරෝනා (කොවිඩ් – 19) වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.

ඒ අනුව මොහු සමඟ සමිප ලෙස ඇසුරු කළ පුද්ගලයින් අසූඅට දෙනෙකු සම්බන්ධව කළ සොයා බැලීමෙන් පසු ඔවුන්ව නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කොට ඔවුන් පරීක්ෂණයට ලක් කළ බවද යුද හමුදාපතිවරයා කීය.

කොරෝනා වෛරසය ශරීරගත වී රෝග ලක්ෂණ මතුවීමට පෙරාතුව ඔවුන් පරීක්ෂණයට ලක් කර ඔවුන් රෝගී බවට තහවුරු කර ගත්තේ බුද්ධි අංශවල තිබූ දක්ෂතාවය නිසා යැයිද යුද හමුදාපතිවරයා පැවසිය.


(Lanka Leads)