වසංගත රෝග විද්‍යා අංශය ඊයේ( 31 ) දිනයට අදාලව අද දිනයේ(01 ) උදෑසන 10:00ට නිකුත් කළ වාර්තාවට අනුව මාර්තු 30 වනදා ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ ආසාදිතයන් ගනන වූ ආසාදිතයන් 5 දෙනා සමඟ සැසඳීමේදී ආසාදිතයන් 16 දෙනෙකුගේ වැඩි වීමක් හෙවත් අළුතින් ආසාදිතයන් 21 දෙනෙකු වාර්තා වී ඇතැයි පැවසේ. මේ තත්වය දැඩි අවධානය යොමු කළ යුතුව ඇති තත්වයක් බව වසංගත රෝග මර්ධන විශේෂඥයන්ගේ මතය වී තිබේ.ඔවුන්ගේ වාර්තාවට අනුව මේ වන විට වැඩිම ආසාදිතයන් පිරිසක් වාර්තාවී ඇති දිස්ත්‍රික්කය වන්නේ කොළඹ දිස්ත්‍රික්කය වන අතර ඒ ආසාදිතයන් 32ක් ලෙස සනිටුහන් කරමිනි.
පුත්තලම දිස්ත්‍රික්කයෙන් 25ක්, කළුතර දිස්ත්‍රික්කයෙන් 24ක්,ගම්පහ දිස්ත්‍රික්කයෙන් 11ක් මහනුවර දිස්ත්‍රික්කයෙන් 4ක් රත්නපුර දිස්ත්‍රික්කයෙන් 3ක් සහ මාතර දිස්ත්‍රික්කය, බදුල්ල දිස්ත්‍රික්කය,ගාල්ල දිස්ත්‍රික්කය,කෑගල්ල දිස්ත්‍රික්කය,මඩකලපුව දිස්ත්‍රික්කය, කුරුණෑගල දිස්ත්‍රික්කය සහ යාපනය දිස්ත්‍රික්කය යන දිස්ත්‍රික්ක වලින් එක් ආසාදිතයෙකු බැගින් වාර්තා වී තිබේ.
සමස්ත ලෝකය සැලකීමේදි ආසාදිතයන් 57610ක් ඊයේ(31) දිනයේදී වාර්තා වූ අතර එම අගය පෙරේදා දිනයට සාපේක්ෂව 801ක අඩුවීමකි.අමෙරිකා එක්සත් ජනපදයෙන් ආසාදිතයන් ඊයේ 17987ක් වාර්තාවූ අතර එය පෙර දිනට සාපේක්ෂව 1345ක අඩුවීමකි.එක්සත් ජනපදයෙන් ඊයේ දිනයේදි ආසාදිතයන් 2619ක් වාර්තාවූ අතර එය පෙර දිනට සාපේක්ෂව ආසාදිතයන් 186 ක වැඩිවීමකි. COVID-19 වෛරසය ආසාදනයෙන් මෙතෙක් වැඩිම බලපෑමක් එල්ල කළ රට වන ඉතාලියෙන් ඊයේ දිනයේ දී 4050ක් වාර්තා වූ අතර එය පෙර දිනයේ වාර්තාවූ ආසාදිතයන්ට වඩා ආසාදිතයන් 1167ක අඩුවීමකි.
මේ තත්වය සැලකිල්ලට ගතහොත් රජයේ වෛද්‍යය නිළධාරීන්ගේ සංගමය මීට ඉහතදී දිගින් දිගටම ඉදිරිපත් කළ පුරෝකතනයන් සැබෑ වන ළකුනු පෙන්නුම් කරන බව විද්වතුන්ගේ මතයයි. ඒ අනුව ඔවුන් රජයට නිර්දේශ කළ සමාජ දුරස්ථීකරන ක්‍රියාවලිය තව තවත් තීව්ර කරමින් 70%-80% අතර වූ සමාජ දුරස්ථීකරණ ක්‍රියාවලියකට රට යොමු කළ යුතු බව විද්වතුන්ගේ මතයයි. එසේම ඔවුන් අනුමාන කරන 552ක් වූ වාර්තා නොවූ රෝගීන් නිශ්චිතවම හඳුනා ගැනීමට අදාල වන්නාවූ ක්‍රියාමාගර් වලට වහ වහා එළඹීම මෙන්ම සැක කටයුතු සියලු දෙනාම වෛද්‍යය පරීක්ෂණ වලට යොමු කිරීමද කළ යුතුය.
ලෝක සෞඛ්‍යය සංවිධානය මාර්තු 30 වන දිනට අදාලව නිකුත් කළ වාර්තාවට අනුව ලෝකයේ රටවල් 201කින් මාර්තු 30 වන දිනට COVID-19 වෛරසය ආසාදිතයින් 750890 දෙනෙකු වාර්තා වී ඇති අතර මරණයට පත්වූ ආසාදිතයන් ගණන 36405කි.
(Lanka Leads)