අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඇඳිරි නීතිය ඉවත් කරන කාල සීමාවේදී ගලෙන්බිඳුනුවැව, හොරොව්පතාන සහ කහටගස්දිගිලිය ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල කිසිදු සුපිරි වෙළඳ සැලක් හෝ සාමාන්‍ය වෙළඳ සැලක් විවෘත නොකිරීමට තීරණය කර තිබේ.
කොරෝනා වෛරසය ආසාදනය වූ අයෙකු එම ප්‍රදේශවල ගැවසී ඇති බවට ලැබී ඇති තොරතුරු මත මෙම තීන්දුව ගෙන ඇති බවත් එම ප‍්‍රදේශවල අත්‍යවශ්‍ය සේවාවන් නිවෙස් වලට ලබා දීමට කටයුතු සම්පාදනය කරණ බවත් පැවසේ.
(Lanka Leads)