Sunday, March 09, 2025
Follow Us
අබ්දුර් රාසික් අධිකරණය හමුවට

2016 වසරේදී මාලිගාවත්ත ප්‍රදේශයේ පැවති රැස්වීමක දී පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට බැණ වැදී ජාතීන් අතර නොසන්සුන්තාවක් ඇති කිරීමට ක්‍රියා කළ යැයි සැක කෙරෙන සිලෝන් තව්හිද් ජමාත් සංවිධානයේ ලේකම් අබ්දුර් රාසික්ට එරෙහිව පැමිණිල්ල ජුලි මස 25 වැනිදා කැඳවන ලෙසට අධිකරණය අද නියම කළේය.

අද (09) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා සිල්වා මහත්මිය හමුවේ මෙම පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරිය විසින් මෙම නියෝගය ලබාදී තිබේ.

කොළඹ අපරාධ කොට්ඨාශය අධිකරණය අද අධිකරණයට දන්වා සිටියේ මෙම සිදුවීම සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණ වාර්තා නීතිපතිවරය වෙත යොමු කර ඇති බවය.

පොලීසිය පැවසුවේ ඒ සම්බන්ධව නීති උපදෙස් මෙතෙක්‌ ලැබී නොමැති බවය.

(Aruna)