Saturday, October 19, 2024
Follow Us
පොලිස්පති ආරක්ෂක මණ්ඩල රැස්වීමට අනවශ්‍ය බව මෛත්‍රී දන්වලා !

අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි ඉදිරිපත් කිරීම ආරම්භ කර තිබේ.

අද (06) සාක්ෂි ලබා දෙමින් පොලිස්පතිවරයා කියා සිටියේ, ආරක්ෂක කවුන්සලය වෙත සහභාගී වීමට අවශ්‍ය නොවන බව ජනාධිපතිවරයා විසින් පැවසු බව එවකට ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා පවසා සිටි බවයි.

ස්ථානමාරු වීම් සම්බන්ධයෙන් තිබෙන කටයුත්තකට තමා ඔක්තෝබර් 23 වන දින ආරක්ෂක මණ්ඩලයට සහභාගී වු බවත් ඒ හැරුණ විට තමාට ඔක්තෝබර් මාසයේ සිට ඊට සම්බන්ධ වීමට අවශ්‍ය නොමැති බව වාචිකවම එවකට ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කළ කපිල වෛද්‍යරත්න දැනුම් දුන් බවත් පොලිස්පතිවරයා මෙහිදී කියා සිටියේය.

තමා විසින් ආරක්ෂක මණ්ඩල රැස්වීමට සම්බන්ධ වීමට අවශ්‍ය නොමැති බව පමණක් නොව පොලිස්පති නියෝජනය කරන අයෙකුද අනවශ්‍ය බවත් එහිදී දැනුම් දුන් බව ද පොලිස්පතිවරයා කියා සිටියේය.

(News Tube)