Saturday, October 19, 2024
Follow Us
යල කන්නයේ වී මිල දී ගන්න ගබඩා 100ක්

යල කන්නයේ වී මිල දී ගැනීම සඳහා, වී ගබඩා 100ක් අව­ශ්‍ය­තා­වය පරිදි විවෘත කිරී­මට වී අලෙවි මණ්ඩ­ලය සැල­සුම් කර ඇතැයි වී අලෙවි මණ්ඩ­ලයේ සභා­පති නීතිඥ බුද්ධික ඉද්ද­ම­ල්ගොඩ මහතා පව­සයි.

දැනට වී අස්වනු නෙළා අව­සන් කරන ලද දිස්ත්‍රි­ක්ක­වල වී ගබඩා 32ක් විවෘත කර තැබී­මට කට­යුතු යොදා තිබෙ­නවා. වී අලෙවි මණ්ඩ­ල­යට සම්බා සහ කීරි සම්බා වී ගොවීන් වැඩි­පුර අලෙවි කරනු ඇතැයි තමන් අපේක්ෂා කර­නවා.

මෙවර යල කන්නයේ වී මිල දී ගැනීම සඳහා රුපි­යල් මිලි­යන 2000ක් වී අලෙවි මණ්ඩ­ල­යට ලබා දෙන ලෙස කෘෂි­කර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අම­ර­වීර මහතා පසු­ගිය ජූනි මාසයේ දී ඇමැති මණ්ඩ­ලය පත්‍රි­කා­වක් ඉදි­රි­පත් කරනු ලැබූ අතර එහි පළමු අදි­යර යටතේ රුපි­යල් මිලි­යන 500ක් ලබා දීමට පසු­ගිය 26 වැනිදා ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් පැවැත්ව වූ ඇමැති මණ්ඩල රැස්වී­මේදී අනු­මැ­තිය හිමි­විණි. ඒ අනුව පසු­ගිය 27 වැනිදා සිට වී මිල දී ගැනීමේ කට­යුතු ආරම්භ කිරී­මට වී අලෙවි මණ්ඩ­ලය පිය­වර ගෙන තිබිණි.

දැනට කීරි සම්බා වී මිල වෙළෙ­ඳ­පොළේ රුපි­යල් 105-110 වැනි මිල­කට පහළ ගොස් ඇති නමුත් කීරි සම්බා සඳහා රජය විසින් පන­වන ලද රුපි­යල් 130 උප­රිම මිල ගණන් යටතේ එම වී තොග මිල දී ගැනීම සිදු කර­නවා. මේ වන විට නාඩු වී සඳහා ඉහළ මිලක් වෙළෙඳ පළේ ඇති නිසා පුද්ග­ලික අංශය රුපි­යල් 120ක මුද­ල­කට ඒවා මිල දී ගනු ලබයි.