Saturday, October 19, 2024
Follow Us
ගුවන් හමුදා “AERO BASH 2024” අධ්‍යාපනික හා තාක්ෂණික ප්‍රදර්ශනය අදින් අවසන්

ශ්‍රි ලංකා ගුවන් හමුදා චීන වරාය විද්‍යාපිඨ කඳවුර විසින් සංවිධානය කරනු  ලබන ගුවන් හමුදා “AERO BASH 2024” අධ්‍යාපනික හා තාක්ෂණික වෙළද ප්‍රදර්ශනය අදින් (26) අවසන් වේ. 

මෙම ප්‍රදර්ශනය ගුවන් හමුදාධිපති ඒයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්  පසුගිය 22 වනදා  ගුවන් හමුදා චීනවරාය විද්‍යාපිඨ කදවුරු පරිශ්‍රයේදි  ආරම්භ විය.

“AERO BASH 2024” අධ්‍යාපනික හා තාක්ෂණික වෙළෙඳ ප්‍රදර්ශනය සඳහා දිවයිනේ සියලුම රජයේ විශ්වවිද්‍යාල, පෞද්ගලික විශ්වවිද්‍යාල, පාසල් මෙන්ම ව්‍යාපාරික ආයතන, තාක්ෂණික ආයතන ඇතුලු අංශයන් නියෝජනය කරමින් ප්‍රදර්ශන කුටි රැසක් ඉදිරිපත් කර තිබිණි.