Saturday, October 19, 2024
Follow Us
බෝ නොවන රෝග පාලනයට ඉදිරි වසර කිහිපයේ වැඩි අවධානයක්

අධි රුධිර පීඩනය සහ දියවැඩියා රෝග පාලනය කිරීම සඳහා ඉදිරි වසර කිහිපයේදී ප්‍රතිපාදන වැඩි කරන බව සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතා අද (21) පාර්ලිමේන්තුවේදී පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න මහත්මිය යොමුකළ වාචික  ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය. ලබන වසරේ ප්‍රාථමික සෞඛ්‍ය සේවාව සඳහා වැඩි මුදල් ප්‍රමාණයක් වෙන්කරන බවද අමාත්‍යවරයා පැවසීය.

වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේ පැවසීය.

ලංකාව අද ඉතා බරපතල ගැටලුවකට මුහුණ දී තිබෙනවා. මේ කලාපයේ අධික රුධිර පීඩනය වැඩිම රට ශ්‍රී ලංකාව. වැඩිහිටි ජනගහනයෙන් 45% අධික රුධිර පීඩනය තිබෙනවා. එමෙන්ම වැඩිහිටි ජනගහනයෙන් 24%කට දියවැඩියාව තිබෙනවා. අධික රුධිර පීඩනය සහ දියවැඩියාව හේතුවෙන් වකුගඩු අකර්මණ්‍යතාව ඇතිවෙනවා. මෙම රෝග පාලනය කිරීමට ප්‍රථමික සත්කාරසේවා වැඩිදියුණු කිරීම කෙරෙහි අවධානය යොමු කර තිබෙනවා. ඒ සඳහා ඉදිරි වසර කිහිපයේදි වැඩි මුදල් ප්‍රතිපාදන ප්‍රමාණයක් වෙන්කර තිබෙනවා.