Saturday, October 19, 2024
Follow Us
ඉදිකිරීම් ප්‍රමාද වූ සියඹලාණ්ඩුව සුර්යබල උද්‍යානයේ ඉදිකිරීම් කඩිනම් කිරීමට පියවර

ඉදිකිරීම් ප්‍රමාද වූ සියඹලාණ්ඩුව මෙගාවොට් 100ක සුර්යබල උද්‍යානයේ ඉදිකිරීම් කඩිනම් කිරීමට අවශ්‍ය උපදෙස් හා නිර්දේශ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් ලබා දෙන ලදී.

ඒ සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සුනිත්‍ය බලශක්ති ව්‍යාපෘති සඳහා මතුවී ඇති ඉඩම් ගැටලු නිරාකරණය සඳහා ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 09 වන දා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී ය.

මෙම සුර්යබල උද්‍යානයේ ප්‍රවේශ මාර්ගය, ව්‍යාපෘති කාර්යයන් වෙනුවන් භාවිතා කිරීමේදී පවතින ගැටලු හේතුවෙන් එහි ඉදිකිරීම් ප්‍රමාද වී ඇති බව සුනිත්‍ය බලශක්ති අධිකාරියේ නිලධාරීහු කාරක සභාවට දන්වා තිබේ. මෙහිදී අදහස් දක්වමින් සුනිත්‍ය බලශක්ති අධිකාරියේ නිලධාරීහු මෙම සියඹලාණ්ඩුව සුර්යබල ව්‍යාපෘතිය සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 120 මුදල් වැයවන බවත් එම බලාගාරයේ ඉදිකරීම් ප්‍රමාදයෙන් දිනක පාඩුව රුපියල් මිලියන 19ක් බවද එම නිලධාරීහු පෙන්වා දී තිබේ.