Saturday, October 19, 2024
Follow Us
මහවිලච්චියේ  මී මැසි පාලන ව්‍යාපෘතියක්

මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 367 දෙමටමල්ගම ගම්මානෙයේ ප්‍රතිලාභීන් සඳහා මීමැසි පාලන ව්‍යාපෘතියක් හදුන්වාදීම පසුගිය දා සිදුකෙරිණි. ඒ මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම්වරියගේ මඟපෙන්විම මත, සහකාර ප්‍රාදේශීය ලේකම් හෂිනි යසාරා හිටිබංඩාරණායක මහත්මියගේ ප්‍රධානත්වයෙනි.

ආරක්ෂිත දැල් තුළ වගාකරන ගොවි මහතුන් සහ පොල් වගාව සිදුකරන ගොවි මහතුන් මේ සඳහා තෝරාගන්නා ලදි. එසේ තෝරාගත් ප්‍රතිලාභින් සංඛ්‍යාව 20 කි. ඔවුන් සඳහා මී මැසි පෙට්ටි හා ප්‍රායෝගික පුහුණුව ලබාදීම සිදු කෙරිණි. 

මෙම ව්‍යාපෘතිය මඟින් පැණි නිෂ්පාදනයට අමතරව වගාවන් හි පරාගන කාර්යය සාර්ථකව සිදුකර වැඩි අස්වැන්නක් ලබාගැනීම අරමුණ කරගෙන මෙම වැඩසටහන ක්‍රියාත්මක කරයි. මේ නිසාම ගොවි මහතුන් සහ පොල් වගාව සිදුකරන ගොවි මහතුන් ප්‍රතිලාභින් ලෙස තොරාගෙන ඇත.

මීමැසි පාලන වැඩසටහන සඳහා සම්පත් දායකත්වය මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කෘෂිකර්ම සංවර්ධන නිලධාරී විසින් ලබාදුන්නේය. එසේම මූල්‍ය දායකත්වය ගැලවීමේ හමුදා රාජ්‍ය නොවන සංවිධානය මගින් සිදුකර ඇත. මෙම වැඩසටහන දෙමටමල්ගම තුලානයේ  ආර්ථික සංවර්ධන නිලධාරී විසින් සිදුකරන ලදි.

මෙම වැඩසටහන සඳහා මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ, පරිපාලන ග්‍රාමනිලධාරී, 367 තුලානයේ ග්‍රාමනිලධාරී, හමුදා මෙහෙයුම් කාර්යාලයේ නිලධාරීන් මෙන්ම ප්‍රදේශවාසීන් ද සහභාගී විය.