Saturday, October 19, 2024
Follow Us
කේරළ ගංජා සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

යාපනය පොලිස් වසමේ අරියාලේ ප්‍රදේශයේ දී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශ මන්නාරම ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (12) ලද තොරතුරක් මත වැටලීමක් සිදු කර කේරළ ගංජා ග්‍රෑම් 150 කට අධික ප්‍රමාණයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 39 සහ 44 වයස්වල පසුවන යාපනය හා කිලිනොච්චි ප්‍රදේශ වල පදිංචිකරුවන් වේ.

පොලිස් මත්ද්‍රවය කාර්යංශය වැඩිදුර විමර්ශන සිදු කරයි.