Saturday, October 19, 2024
Follow Us
මල්වතුඔය ද්‍රෝනියේ වැව් 100ක් ප්‍රතිසංස්කරණයට පියවර
කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්යාංශය යටතේ ඇති කුඩා පරිමාණ කෘෂි ව්යාපෘති සඳහා වන අහිතකර බලපෑම් අවම කිරීමේ ව්යාපෘතිය යටතේ මල්වතු ඔය ද්රෝණියේ වැව් 100ක් ප්රතිසංස්කරණය කිරීමේ වැඩසටහනක් මේ වනවිට ආරම්භ කර ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.

මෙම වැඩසටහන පිළිබඳ ඊයේ (12) පැවති සාකච්ඡාවේදී අමාත්යවරයා මේ බව සඳහන් කළේය.

විදේශ අරමුදල් මත ක්රියාත්මක වන ව්යාපෘතියක් වන කුඩා පරිමාණ කෘෂි ව්යාපෘති සඳහා වන අහිතකර බලපෑම් අවම කිරීමේ ව්යාපෘතිය මගින් කුරුණෑගල, පුත්තලම, අනුරාධපුර, මාතලේ හා වව්නියාව වැනි දිස්ත්රික්කවල ඇති දුෂ්කර ප්රදේශවල කෘෂිකාර්මික කටයුතුවල නිරතවන ගොවි ජනතාවගේ ජීවන තත්ත්වයන් නංවාලීමේ ව්යාපෘති ගණනාවක් ආරම්භ කර ඇත.
ඒ යටතේ විශේෂයෙන් වැව් බැඳි රාජ්යයේ ඇති සුප්රකට එල්ලංගා පද්ධති ප්රතිසංස්කරණයට ප්රමුඛත්වය ලබා දී ඇත.
 
මේ අනුව මී ඔය, දැදුරු ඔය හා මල්වතු ඔය ද්රෝණිවල පිහිටි එල්ලංගා පද්ධතිවලට අයත් සියලු වැව් ප්රතිසංස්කරණය කිරීම සිදු කෙරේ.
 
මල්වතු ඔය ද්රෝනියට අයත් වන අනුරාධපුර, වව්නියාව හා මන්නාරම දිස්ත්රික්කවල එල්ලංගා පද්ධති 20කට අයත් වැව් 100ක් මේ යටතේ ප්රතිසංවර්ධනය කෙරේ. ඒ අනුව අනුරාධපුර වැව් 37ක්, වව්නියාව වැව් 32ක්, හා මන්නාරම වැව් 31ක් ද වශයෙන් තෝරාගෙන මේ වනවිට එම කටයුතු ආරම්භ කර ඇතැයි කුඩා පරිමාණ කෘෂි ව්යාපෘති සඳහා වන අහිතකර බලපෑම් අවම කිරීමේ ව්යාපෘතියේ අධ්යක්ෂ ගයාන් මල්ලවතිස්ස මහතා මෙහිදී පැවසීය.
 
මෙම ව්යාපෘතිය යටතේ එක් වැවක් ප්රතිසංස්කරණය සඳහා රුපියල් මිලියන 15.5ක් වෙන් කරන අතර ඒ ඒ වැව් යටතේ කිලෝමීටර් 1.4ක මාර්ග පද්ධතිය ද නවීකරණය කෙරේ. මේ අනුව එල්ලංගා පද්ධති ප්රතිසංස්කරණය සඳහා අනුරාධපුර දිස්ත්රික්කයට රුපියල් මිලියන 573ක්, වව්නියාව දිස්ත්රික්කයට හා මන්නාරම දිස්ත්රික්කවලට එක් දිස්ත්රික්කයකට රුපියල් මිලියන 496ක් බැගින් වැය කිරීමට නියමිතය.