Saturday, October 19, 2024
Follow Us
දූරියන් වගාව ආර්ථික භෝගයක් ලෙස ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘතියක්

දූරියන් වගාව ආර්ථික භෝගයක් ලෙස ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘතිය යටතේ බද්ධ දූරියන් පැළ බෙදාදීමේ හා ඒවා වගා කිරීම පිළිබඳ පුහුණු වැඩසටහනක් මිනුවන්ගොඩ ප්‍රදේශිය ලේකම්ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා(08) උඩුගම්පොළ කෘෂිකර්ම උපදේශක කාර්යාලයේදී සිදු කෙරිණි.

මේ අවස්ථාව සංකේතවත් කරමින් උඩුගම්පොළ ආර්.ජේ.කේ.එල්. රණතුංග මහතාගේ ඉඩමේ බද්ධ දූරියන් පැළයක් රෝපණය කරනු ලැබීය.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ප්‍රතිපාදන යටතේ ඉදිරියේදී නිර්දේශිත ප්‍රභේද වන අඹතැන්න, හොරණ ගෝල්ඩ්,  කසුන්, හොරණ ජම්බු වර්ගයේ අධි ශ්‍රේණියේ බද්ධ දූරියන් පැළ 1000ක් සහ සෙවණ දැල් ගොවි මහත්ම මහත්මීන්ට ලබා දීමට කටයුතු සැලසුම් කර ඇත.