Saturday, October 19, 2024
Follow Us
නීති විරෝධී ලෙස ගෙනා බීඩි කොළ තොගයක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, මන්නාරම සහ කල්පිටිය වෙරළ හා මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව අගෝස්තු මස 10 සහ 11 දෙදින සිදුකල සෝදිසි මෙහෙයුම් මඟින්, බීඩි කොළ කිලෝ හාරසිය දහයයි (410) ග්‍රෑම් අටසීයක (800) පමණ තොගයක් (තෙත බර සහිත) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙ‍රිණි.  

ඒ අනුව, උතුරු මැද නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා ඵුස්සදේව ආයතනය මඟින් 2024 අගෝස්තු මස 10 වන දින මන්නාරම අච්චානකුලම් වෙරළ ප්‍රදේශයේ සිදුකල සෝදිසි මෙහෙයුමකදී, වෙරළට ගසාගෙනවිත් තිබූ උරයක (01) අසුරන ලද බීඩි කොළ කිලෝග්‍රෑම් තිස් පහක (35) පමණ තොගයක් (තෙත බර සහිත) සහ වයඹ නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනය මඟින්, කල්පිටිය පාරමුනේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමක දී, එම ප්‍රදේශයේ සඟවා තිබූ උර තුනක (03) අසුරන ලද බීඩි කොළ කිලෝග්‍රෑම් අනූ හතක (97) පමණ තොගයක් (තෙත බර සහිත) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙ‍රිණි. 

එමෙන්ම, උතුරු මැද නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා තම්මැන්නා ආයතනය මඟින් ‍2024 අගෝස්තු මස 11 වන දින මන්නාරමට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සහ ඌරුමලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී, එම මුහුදු ප්‍රදේශයේ පාවෙමින් තිබූ සහ වෙරළට ගොඩගසා තිබූ පාර්සල් තිස් දෙකක (32) අසුරන ලද බීඩි කොළ කිලෝග්‍රෑම් දෙසිය හතලිස් තුනක (243) ක පමණ තොගයක් (තෙත බර සහිත) සහ ශ්‍රී  ලංකා නාවික නෞකා ගජබා ආයතනය මඟින් මන්නාරම නඩුකුඩා වෙරළ ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමක දී, එම වෙරළ ප්‍රදේශයට ගසාගෙන විත් තිබූ පාර්සලයක් (01) තුළ අසුරන ලද බීඩි කොළ කිලෝ තිස් පහයි (35) ග්‍රෑම් අටසීයක (800) පමණ තොගයක් (තෙත බර සහිත) වශයෙන් බීඩි කොල කිලෝ හාරසිය දහයි (410) ග්‍රෑම් අටසීයක (800) පමණ තොගයක් (තෙත බර සහිත) මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

තවද, මන්නාරම සහ කල්පිටිය වෙරළ මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව සිදුකල මෙහෙයුම් මඟින් නාවික හමුදා භාරයට ගත් බීඩි කොළ තොග‍ය ඉදිරි නීතිමය කටයුතු සඳහා; මුරුන්කන් පොලිස් ස්ථානය, වයඹ පළාත් සුරාබදු විශේෂ ඒකකය, තලෙයිමන්නාරම පොලිස් ස්ථානය සහ මන්නාරම පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කෙරිණි.