මහනුවර ඇසළ පෙරහර අදින් ඇරඹෙන අතර අද ප්‍රථම කුඹල් පෙරහර අද (10) වීදි සංචාරය කිරීමට නියමිතයි.
ශ්‍රී දළදා මාලිගාව අබියසින් දකුණු දිශාභිමුඛව පස්වරු 6.06ට පිටත් වන පෙරහර ශ්‍රී දළදා වීදිය, ඩී.එස්. සේනානායක වීදිය, පන්සල පාර, දේව වීදිය, ශ්‍රීමත් බෙනට් සොයිසා වීදිය, යටිනුවර වීථීය ඔස්සේ ගමන් කර රජ වීදියෙන් ඉහළට විත් ගෙවදීමට නියමිතය.
අද සිට ලබන 20 දක්වා මෙම පෙරහැර පැවැත්වේ.
මෙවර මහනුවර ඇසළ පෙරහරේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරීන් 5500ක පමණ පිරිසක් යොදවා ඇති බව වාර්තා වෙයි.
මහනුවර ඇසළ පෙරහරේ ප්‍රථම කුඹල් පෙරහර කුඩා දරුවන්ට පෙන්වීමෙන් ඔවුන්ගේ අපල උපද්‍රව දුරුවන බවට අතීතයේ සිට පැවත එන මතයක් පවතින බැවින් මෙදිනට විශාල ජනතාවක් පෙරහැර නැරඹීමට එක්වෙති.