Saturday, October 19, 2024
Follow Us
'ලෝකයට පැළයක්' වැඩසටහන මහනුවර දී

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතාගේ සංකල්පයක් මත ක්‍රියත්මක කරනු ලබන 'ලෝකයට පැළයක්' වැඩසටහන යටතේ රුක්රෝපණ වැඩසටහනක් මහනුවර වැව රවුමේ මහ මායා බාලිකා විද්‍යාලය අසළදී මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යූ. ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (07) පැවැත්විණි.

මහනුවර, ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය විසින් සංවිධානය කළ මෙම වැඩසටහන මධ්‍යම පළාතේ ක්‍රියාත්මක කිරීම සනිටුහන් කරමින් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යූ. ගමගේ මහතා විසින් කරඳ පැළයක් රෝපණය කිරීම සිදු කරන ලදි.
මහනුවර මහ නගර සභාව විසින් ක්‍රියාත්මක කරනු ලබන 'මගෙන් ගසක් මහනුවරට' වැඩසටහන මගින් මේ සදහා දායකත්වය ලබා දෙන ලදි.
මෙම අවස්ථාව සදහා මහනුවර, ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේ සහකාර මහකොමසාරිස් විශේෂඥ වෛද්‍ය අතිරා එස්. මහත්මිය, මහනුවර මහ නගර සභාවේ ප්‍රධාන කර්මාන්ත ඉංජිනේරු ජේ.එම්.ඩී.එස්.ඩි. ජයසේකර, ජලාශ්‍රිත ප්‍රදේශ භාර නිලධාරි හේමන්ත ඒකනායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක් වූහ.