Saturday, October 19, 2024
Follow Us
එංගලන්තයට යන ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය

එංගලන්තය සමඟ පැවැත්වීමට නියමිත තරඟ 3කින් යුත් ටෙස්ට් තරඟාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම් කර තිබේ.

 ක්‍රීඩකයින් 18 දෙනෙකුගෙන් යුත් එම සංචිතයේ නායකත්වය ධනංජය ද සිල්වා හට හිමව ඇති අතර උප නායකත්වයට කුසල් මෙන්ඩිස් නම් කෙරිණි. නිමාවූ ඉන්දීය තරඟාවලියේදී දස්කම් අතරට පැමිණි ජෙෆ්රි වැන්ඩර්සේ සහ පැතුම් නිස්සංක ද මෙම සංචිතයට ඇතුළත් කර තිබීම විශේෂත්වයක්.

ICC ටෙස්ට් ලෝක ශූරතාවලිය යටතේ පැවැත්වෙන මෙම තරඟාවලිය සඳහා ටෙස්ට් තරග 3 ක් ඇතුළත්වේ.

පළමු ටෙස්ට් තරඟය අගෝස්තු 21 වැනිදා මැන්චෙස්ටර්හි ඕල්ඩ් ට්‍රැෆර්ඩ් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිත අතර ඊට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම සිව්දින පුහුණු තරඟයකට සහභාගිවීමට නියමිතව ඇත.

තරඟාවලියේ දෙවන ටෙස්ට් තරඟය අගෝස්තු මස 29 වැනිදා ලන්ඩන්හි ලෝර්ඩ්ස් ක්‍රීඩාංගණයේදීත්, තෙවැනි සහ අවසන් ටෙස්ට් තරඟය සැප්තැම්බර් 06 වැනිදා ලන්ඩන්හි කියා ඕවල් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.

Sri Lanka Squad : Dhananjaya De Silva (capt), Dimuth Karunaratne, Nishan Madushka, Pathum Nissanka, Kusal Mendis (vice-capt), Angelo Mathews, Dinesh Chandimal, Kamindu Mendis, Sadeera Samarawickrama, Asitha Fernando, Vishwa Fernando, Kasun Rajitha, Lahiru Kumara, Nisala Tharaka, Prabath Jayasuriya, Ramesh Mendis, Jeffrey Vandersay, Milan Rathnayake