Saturday, October 19, 2024
Follow Us

කාපට් අතුරා සංවර්ධනය කිරීමට නියමිත පාදුක්ක බ්‍රැන්ඩිපොළ පුස්තකාල මාවත සංවර්ධන කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (07) එක් විය. 

2024 - මාර්ග කිලෝමීටර් 1,500 ක් ප්‍රතිසංස්කරණය කිරීමේ ජාතික වැඩසටහන යටතේ මෙම මාවත සංවර්ධනය කටයුතු ආරම්භ විය.

දීර්ඝ කාලයක් තිස්සේ ප්‍රතිසංස්කරණයකට ලක් නොවීම හේතුවෙන් මෙම මාර්ගයේ ගමනාගමනය ඉතාමත් දුෂ්කර තත්ත්වයකට පත්ව තිබේ.

ප්‍රදේශයේ මහජන නියෝජිතයින් ඇතුළු ජනතාව දීර්ඝ කාලයක් තිස්සේ සිදු කරන ලද ඉල්ලීමකට අනුව මෙම මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරීම සඳහා මෙලෙස ඉදිකිරීම් ආරම්භ කරන ලදී.

එමෙන්ම මෙම අවස්ථාවේ දී ප්‍රදේශවාසීන්ගේ ඉල්ලීම පරිදි දැනට ඉදිකිරීම් ආරම්භ කර අතරමග නතර කර ඇති මෙම මාර්ගයේ පිහිටි පුස්තකාල ගොඩනැගිල්ලේ ඉදිකිරීම් නැවත ආරම්භ කිරීම සඳහා බස්නාහිර පළාත් ආණ්ඩුකාරතුමා සමග සාකච්ඡා කර අවශ්‍ය පියවර ගැනීමට ද අමාත්‍යවරයා කටයුතු කළේය.

සීතාවක ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ජයන්ත රෝහණ මහතා ඇතුළු හිටපු මහජන නියෝජිතයින්, ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන් ප්‍රදේශවාසීන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාව සඳහා එක්ව සිටියහ.