Saturday, October 19, 2024
Follow Us
මාර්ග කි.මී. 1500ක් ප්‍රතිසංස්කරණය යටතේ මාර්ග රැසක්  සංවර්ධනයට

කාපට් අතුරා සංවර්ධනය කෙරුණු බේරුවල -දර්ගා නගරය,  සාවියා පාර, ජෙම් පාර,කාදියාවත්ත පාර යන මාර්ග ජනතා අයිතියට පත් කිරීම ප්‍රවාහන මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ.

මෙම මාර්ග දීර්ඝ කාලයක් තිස්සේ කිසිදු ප්‍රතිසංස්කරණයකට ලක්වී නොතිබිණ. මේ හේතුවෙන් ප්‍රදේශවාසීන්ගේ ගමනාගමනයට සහ රථවාහන ධාවනයට සිදුව තිබුණේ විශාල බාධාවකි.

මෙම මාර්ගය ප්‍රතිසංස්කරණය කර දෙන ලෙස ප්‍රදේශවාසීන් සිදුකළ ඉල්ලීම පරිදි පාර්ලිමේන්තු මන්ත්‍රී මර්ජාන් ෆලීල් මහතාගේ යෝජනාවකට අනුව මාර්ග සංවර්ධන අධිකාරිය විසින් මෙම මාර්ගය කාපට් අතුරා ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කර තිබේ.