Saturday, October 19, 2024
Follow Us
කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවන් තිදෙනෙක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, කිලිනොච්චිය ඉරමතිව් මුහුදු ප්‍රදේශයේ සිදුකල සෝදිසි මෙහෙයුමක දී, කේරළ ගංජා කිලෝග්‍රෑම් එක්සීය හැත්තෑ හයකට (176) අධික තොගයක් (තෙත බර සහිත) රැගත් ඩිංගි යාත්‍රාවක් (01) සමඟ සැකකරුවන් තිදෙනෙකු (03) නාවික හමුදා භාරයට ගැනීමට ඊයේ (03) කටයුතු කෙරිණි. 

ඒ අනුව, උතුරු මැද නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා බුවනෙක ආයතනය සහ ක්‍ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණය එක්ව එදින (03) දිවා කාලයේ කිලිනොච්චිය ඉරමතිව් මුහුදු ප්‍රදේශයේ සිදුකල මෙම සෝදිසි මෙහෙයුමේ දී, සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් නිරීක්ෂණය කර පරීක්ෂාවට ලක් කෙරිණි. එහි දී එම ඩිංගි යාත්‍රාව තුළ තිබී උර පහක් (05) තුල පාර්සල් අසූ හයක (86) අසුරන ලද කේරළ ගංජා කිලෝ 176 ග්‍රෑම් 350 ක පමණ තොගයක් (තෙත බර සහිත) සමඟ සැකකරුවන් තිදෙනෙකු (03) සහ එම ඩිංගි යාත්‍රාව (01) මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.       

මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් කේරළ ගංජා තොගයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියන හැත්තෑවකට (70) අධික වෙතැයි විශ්වාස කෙරේ.            

තවද, නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් අවුරුදු 22 ත් 35 ත් අතර වයසේ පසුවන මන්නාරම සහ වලෙයිපාඩු ප්‍රදේශයන්හී පදිංචිකරුවන් බවට හඳුනාගත් අතර, එම සැකකරුවන් තිදෙනා (03), කේරළ ගංජා තොගය සහ ඩිංගි යාත්‍රාව (01) ඉදිරි නීතිමය කටයුතු සඳහා ජයපුරම් පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කෙරිණි.