Saturday, October 19, 2024
Follow Us
වනිඳු වෙනුවට වෙනත් ක්‍රීඩකයෙක් කැඳවයි

ශ්‍රී ලංකා දඟපන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංගට ඉන්දියාවට එරෙහි එක්දින ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග දෙක අහිමි වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

පළමු එක්දින තරගයේ වනිඳු ඔහුගේ අවසන් පන්දුවාරය යොමුකරමින් සිටියදී වම් පාදයේ ආබාධයකට ලක්විය.

ඒ හේතුවෙන් සිදු කරන ලද එම්.ආර්.අයි. පරීක්ෂණයෙන්ද මේ බව තහවුරු වී ඇත.

මෙහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිය නිවේදනයෙන් වැඩිදුරටත් දන්වා සිටියේ වනිඳු හසරංග වෙනුවට ජෙෆ්රි වැන්ඩර්සේ සංචිතයට කැඳ වූ බවයි.