Saturday, October 19, 2024
Follow Us
ආසියානු ශූරියෝ අගෝස්තු මස අයර්ලන්ත සංචාරයක

අයර්ලන්තයට සමග එක්දින සහ විස්සයි-20 තරඟාවලියකට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අගෝස්තු මස 06 වැනි දින අයර්ලන්තය බලා පිටත්වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

පන්දුවාර විස්සයි-20 තරග 2 ක් සහ එක්දින ජාත්‍යන්තර තරග 3 ක් ඇතුළත් මෙම තරඟාවලිය, ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ආසියානු ශූරියන් බවට පත්වීමෙන් පසු සහභාගී වන පළමු තරඟාවලියයි.

මෙම තරගාවලිය යටතේ පැවැත්වෙන එක්දින තරඟාවලිය ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා සුදුසුකම් තරඟාවලිය ලෙසින් පැවැත්වෙන බැවින් මෙය ශ්‍රී ලංකා පිලට තීරණාත්මක තරඟාවලියකි.

විස්සයි-20 තරඟ දෙක පිළිවෙලින් අගෝස්තු 11 වැනිදා සහ 13 වැනිදා ඩබ්ලින්හිදී පැවැත්වෙන අතර අනතුරුව එක්දින තරගාවලිය ආරම්භ වනු ඇත. අගෝස්තු 16 වැනිදා පළමු එක්දින තරගයත්, අගෝස්තු 18 වැනිදා දෙවැනි එක්දින තරගයත් අගෝස්තු 20 වැනිදා තෙවැනි එක්දින තරගයත් බෙල්ෆාස්ට්හිදී පැවැත්වේ.