Saturday, October 19, 2024
Follow Us
අපවත් වී වදාළ අතිපූජ්‍ය ගල්බොඩ ඥානිස්සර නාහිමියන්ගේ අවසන් කටයුතු ලබන සඳුදා

අපවත් වී වදාළ සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ කොළඹ නව කෝරළේ ප්‍රධාන සංඝනායක, කොළඹ හුණුපිටිය ගංගාරාමාධිපති අතිජූජ්‍ය ආචාර්ය ගල්බොඩ ඥානීස්සර නාහිමිපාණන් වහන්ගේ ශ්‍රී දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන අගෝස්තු 5 වන සඳුදා සවස 4.30ට කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථාන ආදාහන මළුවේදී සිදු කිරීමට නියමිතයි.

අග්‍රාමත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු අමාත්‍යවරුන්, ජනාධිපති ලේකම්වරයාගේ ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙන් ඊයේ (02) පැවැති සාකච්ඡාවේදී උන්වහන්සේගේ අවසන් කටයුතු රාජ්‍ය අනුග්‍රහය යටතේ පැවැත්වීමට තීරණය කර තිබේ. 

උන්වහන්සේ රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (02) දහවල්  අපවත් වූ අතර උන්වහන්සේ අපවත් වන විට 81 වැනි වියේ පසුවිය.