Saturday, October 19, 2024
Follow Us
එක් දින ක්‍රිකට් තරගාවලිය ජය පරාජනයෙන් තොරව අවසන් වෙයි

සංචාරක ඉන්දීය කණ්ඩාය සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු එක්දින තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය.

මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිල නියමිත පන්දුවාර 50 තුළ කඩුළු 8ක් දැවී ලකුණු 230ක් රැස්කර ගත්තේය.

ශ්‍රී ලංකා පිල වෙනුවෙන් දුනිත් වෙල්ලාලගේ නොදැවී ලකුණු 67ක් රැස්කර ගැනීමට සමත් විය.

ඔහුගේ එම ලකුණු සංඛ්‍යාවට හයේ පහර 2ක් සහ හතරේ පහර 7ක් ද ඇතුළත් වේ.

කණ්ඩායමේ ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක පන්දු 75කදී ලකුණු 56ක් රැස්කර ගත්තේය.

පන්දු යැවීමේදී අක්සාර් පටේල් කඩුළු 2ක් දවා ගැනීමට සමත් විය.

අර්ෂ්දීප් දවා ගත් කඩුළු සංඛ්‍යාව 2කි.

අනතුරුව පිටියට පැමිණි ඉන්දීය කණ්ඩායම පන්දුවාර 47යි පන්දු 5කදී සියලුදෙනා රැස්කර ගත හැකි වූයේ ලකුණු 230ක් පමණී.

ඉන්දීය පිල වෙනුවෙන් නායක රෝහිත් ශර්මා ලකුණු 58ක් රැස්කර ගැනීමට සමත් විය.

පන්දු යැවීමේදී නායක චරිත් අසලංක පන්දුවාර 8යි පන්දු 5කදී කඩුළු 3ක් දවා ගැනීමට සමත් විය.

වනිදු හසරංග පන්දුවාර 10කදී ලකුණු 58කට දවාගත් කඩුළු සංඛ්‍යාව 3කි.

ඒ අනුව මෙම තරගය සමතත්ත්වයට පත් විය.

Aruna