Saturday, October 19, 2024
Follow Us
    කයිට්ස් දූපතේ මුහුදු කූඩැල්ලන් වගාව කඩිනම් කිරීමට උපදෙස්

උතුරු පළාතේ මුහුදු කුඩැල්ලන් වගා කිරිම සදහා ධීවරයන් මෙන්ම ව්‍යාපරිකයන් බොහොමයක් දෙනා කටයුතු කරමින් සිටින අතර පවතින අඩු පාඩු හා ඒවායේ ප්‍රගතිය පිළිබඳ සොයා බැලිම සදහා ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් අද (01) යාපනයේ ධීවර අමාත්‍ය කාර්යාලයේදි පැවැත්විණි.

මෙහිදි වගාකරුවන් අමාත්‍යවරයාට පවසා සිටියේ රටට විදේශ විනිමය ගෙන එන මාර්ගයක් ලෙස මෙම ප්‍රදේශ වල මුහුදු කුඩැල්ලන්  වගාව සදහා බොහෝ දෙනෙකු යොමු වි ඇති අතර  තවත් ප්‍රදේශ කිහිපයක මෙම වගාව ප්‍රචලිත කිරිම සදහා වගා කරුවන් ඉල්ලා ඇති  බවයි. 

මේ වන විටත්  යාපනයේ කයිට්ස් දුපත් ප්‍රදේශයේ කුඩැල්ලන් වගාව ආරම්භ කිරිමට බොහෝ දෙනෙකු අපේක්ෂාවෙන් සිටින අතර ඒ සදහා අවශ්‍ය පහසුකම් ලබා දෙන ලෙස ඔහුන් අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේය.

මෙහිදි අදහස් දැක්වු අමාත්‍යවරයා කියා සිටියේ උතුරු නැගෙනහිර ධීවරයන් අමතර ආදායමක් ලෙස මුහුදු කුඩැල්ලන් වගා කිරිමට කටයුතු කලයුතු  බවත් දැන් විශාල වශයෙන් වගා කරුවන් මුහුදු කුඩැල්ලන් වගවට යොමු වෙමින් සිටීම තුළ ඔහුන්ගේ ආදායම් තත්වයද වැඩි ඇති බවයි.

 

කයිට්ස් වැනි ප්‍රදේශ පමණක් නොව උතුරු පළාතේ මුහුදු කුඩැල්ලන් වගාකරුවන්ට කඩිනමින් අවශ්‍ය පහසුකම් ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද අදාල නිලධාරීන් උපදෙස් ලබා දුන්හ.