Saturday, October 19, 2024
Follow Us
සංගා එංගලන්තයට අයිති වෙන හැඩක්

එංගලන්ත සීමිත පන්දුවාර ක්‍රිකට් කණ්ඩායමේ වත්මන් ප්‍රධාන පුහුණුකරු මැතිව් මොට් නුදුරු දිනකදී සිය තනතුරෙන් ඉවත්වීමට නියමිතව ඇති බවත්, ඔහුගෙන් පසු හිස්වන එම තනතුර හිටපු ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩක කුමාර් සංගක්කාර හට හිමිවීමට ඉඩක් පවතින බව එංගලන්ත මාධ්‍ය වාර්තා කර ඇත.

මේ වන විට එංගලන්ත සීමිත පන්දුවාර නායකයා ලෙස කටයුතු කරන ජෝස් බට්ලර් තවදුරටත් නායකත්වයේ රැඳී සිටීමට නියමිත බවත්, බට්ලර් ඉන්දීය ප්‍රිමියර් ලීගයේ ක්‍රීඩා කරන රාජස්තාන් රෝයල්ස් කණ්ඩායමේ ක්‍රිකට් අධ්‍යක්ෂ ලෙස කටයුතු කරන සංගක්කාරට අදාළ තනතුර හිමි වීමට වැඩි ඉඩක් පවතින් බවත් වාර්තා වේ.

සංගක්කාරට අමතරව මයික් හසී සහ වත්මන් ඇෆ්ගනිස්තාන ප්‍රධාන පුහුණුකරු ජොනතන් ට්‍රොට් දෙදෙනාද එංගලන්ත පුහුණුකරු තනතුර සඳහා අපේක්ෂකයන් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

Aruna