Saturday, October 19, 2024
Follow Us
විස්සයි-20 තරඟාවලිය ඉන්දියාව ජය ගනී

සංචාරක ඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර විස්සයි-20 තරඟාවලියේ තුන්වන හා අවසන් තරඟය සුපිරි පන්දුවාරයේදී ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම ඊයේ(30) සමත් විය.

ඒ අනුව තරඟයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ඉන්දීය කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් සිය පන්දුවාර 20 තුළ කඩුලු 9 ක් දැවී ලකුණු 137 ක් ලබා ගත්හ. පන්දුවට පහරදීමේදී Shubman Gill ලකුණු 39 ක් හා Riyan Parag ලකුණු 26 ක් ලබා ගැනීමට සමත් වුණා.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් මහීෂ් තීක්ෂණ කඩුලු 3 ක්, වනිඳු හසරංග කඩුලු 2 ක් හා චමිඳු වික්‍රමසිංහ, අසිත ප්‍රනාන්දු හා රමේෂ් මෙන්ඩිස් එක් කඩුල්ල බැඟින් බිඳ හෙළීමට සමත් විය.

ඒ අනුව තරගයේ පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් පන්දුවාරයේදී ලකුණු සම වීම හේතුවෙන් තරඟයේ ජයග්‍රහණය තීරණය කිරිමට සුපිරි පන්දුවාරයක් ක්‍රියාත්මක කිරීමට සිදු විය.

සුපිරි පන්දුවාරයේදී පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලබාගත හැකිවූයේ කඩුලු 2කම දැවී ලකුණු 2 ක් පමණි. ඒ අනුව සුපිරි පන්දුවාරයේදී පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම පළමු පන්දුවටම හතරේ පහරක් එල්ල කරමින් තරඟය ජයග්‍රහණය කිරීමට සමත් විය.

ඒ අනුව විස්සයි විස්ස තරගාවලිය 3-0 ක් ලෙස අපරාජිතව ජය ගැනීමට ඉන්දීය කණ්ඩායමට හැකියාව ලැබිණි.