ලබන වර්ෂය සදහා පාසල් සිසුන්ට අවශ්‍ය නිල ඇදුම් සම්පූර්ණයෙන්ම නොමිලයේ ලබා දීමට චීන රජය එකගතාවය පල කර ඇතැයි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.
ඒ නිසාවෙන් රජයට රුපියල් බිලියන හයක මුදලක් ඉතිරි කර දීමට හැකි වී ඇතැයි ද අමාත්‍යවරයා පැවසීය.
ඒ සම්බන්ධයෙන් වූ සාකච්ඡා සිදු කර අවශ්‍ය රෙදි පිළිබඳව දැනුම් දී ඇති බැවින් අවශ්‍ය රෙදි ප්‍රමාණය දැනුම් දීමෙන් පසු අදාළ රෙදි තොගය මෙරටට ලබා දීමට චීන රජය එකඟතාවය පළ කර ඇත.